Thursday, September 2, 2010

සාගර හා මුහුදු වලට පවතින ප්‍රධාන තර්ජන


මුහුදු හා සාගර, පෘථිවි තලයේ ඇති අති විශාලතම සම්පතක් වේ. සිමා මායිම් නැති මෙම සාගර ජෛව විවිධත්වයෙන් අනුන ය. මිනිසාගේ අවශ්‍යතා, ආහාර වර්ග, විවිධ ස්වාභාවික සම්පත් හා රසායනික ද්‍රව්‍ය ලබා ගැනිමට ද ප්‍රවාහන කටයුතු සඳහා මාධ්‍යයක් ලෙස ද විනෝදාස්වාදය හා සංචාරකකටයුතු සඳහා ද මුහුදු හා සාගර බහුලව යොදා ගනි. එහෙත් මිනිසා විසින් සාගර අහිතකර අයුරින් භාවිතා කිරීම නිසා ඒවායේ පැවැත්ම අවදානම් තත්වයක පවති.

සාගර තුළ මිනිසාට ආර්ථිකමය ලෙසින් මෙන්ම ජෛව විවිධත්වය අතින් ද ඉතා ඉහළ වැදගත්කමක් සහිත පරිසර පද්ධති පිහිටා ඇත. මෙම පරිසර පද්ධති මගින් ජෛව විවිධත්වය පවත්වා ගැනීම මෙන් ම පෘථිවි වායුගෝලයේ හා දේශගුණයේ පැවැත්ම හා වාණිජමය හා ආර්ථික කටයුතු සඳහාත් තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කරයි.

ලෝකවාසි ජනයා විසින් වසරකට මුහුදු ආහාර වර්ග ටොන් මිලියන සියකට අධික ප්‍රමාණයක් පරිභෝජනයට ගන්නා අතර ලෝක ජනගහනයෙන් මිලියන 3.5ට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ප්‍රාථමික ආහාර ප්‍රභවය සඳහා මුහුද මත යැපෙයි. මුහුදු වෙරළ හා මුහුදු කරා පැමිණෙන සංචාරක කර්මාන්තය මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 10ක පමණ ආදායමක් ලබා දෙන අතර බොහෝමයක් සාගර ආශ්‍රිත සංචාරක කර්මාන්තය සිදු කරන රටවල් ඔවුන්ගේ මුලු ආර්ථිකයම මේ මගින් දියුණුවට පත් කර ගෙන ඇත. උදාහරණ ලෙස මාලදිවයින දැක්විය හැක.

සාගර ආශ්‍රිතව සිදු කරන විවිධ රැකියාවන් හේතු කොට ගෙන රැකියා අවස්ථා බිහි විම ද වැදගත් වේ. ඛනිජ තෙල් හා ස්වාභාවික වායුන් කර්මාන්ත, වරාය හා නැව් ගමනාගමනය, සාගර ආශ්‍රිත ඛනිජ සම්පත් නිධි, ධීවර කර්මාන්තය, අපද්‍රව බැහැර කිරීම හා සංචාරක කර්මාන්තය මගින් මිනිසුන් මිලියන ගණනකට රැකියා අවස්ථා ලබා දී ඇත.

අද මිනිසා භාවිතා කරන නිෂ්පාදනයන්ගෙන් රාශියක්ම මුහුදු හා සාගර වලින් ලබා ගන්නා ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කොට ඇත. මුහුදු පැළෑටි වලින් නිස්සාරනය කරන ලද ද්‍රව්‍යයන් ගෙන් දත් බෙහෙත් අයිස් ක්‍රීම් හා පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනී. දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගන්නා ඉන්සියුලින් නිෂ්පාදනය සඳහා මත්ස්‍යයින්ගේ පිත්තාශය උපයෝගි කර ගනි. මිනිසාගේ ඖෂධාගාරය බවට පත්විමේ හැකියාවක් සාගර සතුව තිබේ.

මේ අයුරින් මිනිසාට සාගරයෙන් ලැබෙන ප්‍රයෝජන අති විශාලය. එහෙත් නොයෙක් මානව ආකල්පයන් හා ක්‍රියාකාරකම් හේතු කොට ගෙන වත්මනයේ සාගර හා මුහුදු වලට පවතින තර්ජන බොහෝ ය.

සාගර හා මුහුදුවල පවතින අතිවිශාල වු ධාරිතාවය නිසා ඒ තුළට අපද්‍රව්‍ය ඉහළ ප්‍රමාණයක් බැහැර කළ හැකි බවට මිත්‍යා විශ්වාසයන් බොහෝ දෙනෙකු තුළ පවති. එහෙත් සාගරවලට පාරිසරික බලපෑම් හා වෙනස් වීම් වලට ඔරොත්තු දීමේ සදාකාලික හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇත.

මුහුදු හා සාගරවලට පවතින ප්‍රධාන තර්ජන

ඛනිජ තෙල් මගින් දුෂණය වීම
නැව් වලින් අහඹු ලෙස සාගරයට එකතු වන තෙල් ප්‍රමාණය වසරකට ගැලුමි මිලියන 7ක් පමණ වේ. එක් විශාල තෙල් ඉහිරිමකින් සැතපුම් ගණනක ප්‍රදේශයක වාසය කරන සාගර ජිවින් විනාශ විය හැකිය. සාගරයකට වසරකට එකතු වන ‍තෙල් වලින් 5% ක් පමණ, විශාල තෙල් නැව් අනතුරු වලින් සිදු වේ.ඛනිජ තෙල් හා අපද්‍රව්‍ය මිශ්‍ර වු කර්මාන්ත ශාලා වලින් බැහැර කරන ජලය, තෙල් වලින් දුෂිත කුණාටු,රථ වාහන හා බෝට්ටු වලින් බැහැර කරන තෙල් මිශ්‍ර අපද්‍රව්‍ය, නාව්ක ගමනාගමන අපද්‍රව්‍ය, කැනීම් කටයුතු ආදී හේතු කොට ගෙන සාගර දුෂණයන් සිදු වේ.ඛනිජ තෙල් මගින් සිදු වන දුෂණය නිසා සාගර ආශ්‍රිත ජෛව විවිධත්වය අධික ලෙස තර්ජනයට ලක් වී ඇත.ඛනිජ තෙල් ශරීරයේ තැන්පත් වීම නිසා සාගර පක්ෂින්ට පියැඹිමේ හැකියාව ද ජලයේ පාවීමට ඇති හැකියාව ද නැති වී ජලයේ ගිලි මිය යයි.

සාගර ජීවින්ට හානිකර අපද්‍රව්‍ය
ප්ලාස්ටික් වැනි අහිත කර අපද්‍රව්‍ය හරිරගත විම නිසා සෑම වසරකම මිලියන දහස් ගණනින් මුහුදු පක්ෂින්, සාගරවාසි ක්ෂිරපායින්, මත්ස්‍යයින් මිය යනු ලැබේ. සමහර සාගර ප්‍රදේශවල සාගරවාසි කැස්බෑවන් විශාල ප්‍රමාණයක් පොලිතින් බෑග් ආහාරයට ගැනීම නිසා මිය යනු ලැබේ. ධීවර කර්මාන්තය නිසා මුහුදට එකතු වන ධිවර ආම්පන්නවල පැටලීම හේතුවෙන් සාගර වාසී සත්ත්වයින් අති විශාල ප්‍රමාණයක් මිය යනු ලැබේ. මීට අමතරව දිරා නොයන අපද්‍රව්‍ය සාගර පරිසර පද්ධතිය තුළ එකතු වීම නිසා එම පරිසර පද්ධතිය ද හායනයට ලක් වේ.

විෂ අපද්‍රව්‍යයන්

සාගර පරිසර පද්ධති තුළට බැහැර කරන විෂ අපද්‍රව්‍යයන් සාගරික ජිවින්ට මෙන් ම මිනිසාට ද අහිතකර වේ. විෂ අපද්‍රව්‍යය බොහෝමයක් සාගර පතුලේ තැන්පත් වන අතර පතුලේ ඇති ආහාර අනුභව කරන සාගර ජීවින්ගේ ශරිර තුළට විෂ ද්‍රව්‍යයන් එකතු විම සිදු වේ. දීර්ඝ කාලයක් විනාශ නොවී පවතින මෙම විෂ අපද්‍රව්‍යයන් ආහාර දාම තුලින් මිනිසා ආහාරයට ගන්නා මත්ස්‍යයින් වැනි සාගර ජීවින්ගේ ශරිර තුළට ද ඉන් පසු මිනිස් ශරීරය තුළ ද එක්රැස් විම සිදු වේ. මේ හේතුවෙන් සාගර අවට වාසය කරන ප්‍රජාවන් රාශියක් විවිධ ලෙඩ රෝගවලට හසු විය හැක. වෙරළාශ්‍රිත පරිසර පද්ධති දුෂණය විම නිසා සිදුවන මරණයන් හා ලෙඩ රෝග නිසා ඇමරිකානු ‍ඩොලර් බිලියන 21.8 ක පාඩුවක් හැම වසරකම සිදු වේ.

සංරක්ෂණය

ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 200 දුර ප්‍රමාණයක් දක්වා මුහුදු කලාපය ශ්‍රී ලංකාවට අයත් විශේෂ ආර්ථික කලාපය ලෙස නම් කර ඇත. මෙම කලාපයේ පවතින ජීවී මෙන්ම අජීවී සම්පත් පාලනය කිරීමේ අයිතිය ද ශ්‍රී ලංකාවට පැවරී ඇත. මෙම කලාපය තුළ පවතින සියළුම ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය කීරීමේ වගකීම ද ශ්‍රී ලංකාව සතු වේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආර්ථික කලාපය දළ වශයෙන් වර්ග කිලෝමීටර 437,400 ප්‍රමාණයක විහිදී ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් 607ක ප්‍රමාණයක් වේ.

ශ්‍රී ලංකාව අවට සාගර කලාපය සංරක්ෂණය කීරීමට ගෙන ඇති පියවර

සාගරවාසී ජීවීන් මෙන්ම පරිසර පද්ධති ද ආරක්ෂා කර ගැනීමට බහු පාර්ශ්වික එකඟතාවයන් අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකාවට සම්බන්ධ වී පවතින මුහුදු හා සාගරවලට සම්බන්ධ ප්‍රධාන බහුපාර්ශික පරිසර එකඟතා ගිවිසුම් කිහිපයක් පහත දක්වා ඇත.

  • තර්ජනයට ලක් වී ඇති ශාක හා සත්ත්ව විශේෂවල ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ සම්මුතිය (ITES)
  • නැව් මගින් සිදුවන දුෂණයන් වළක්වා ගැනීමේ අන්තර්ජාතික සම්මුතිය (MARPOL)
  • ගැඹුරු සාගරවාසි ජිවින් සංරක්ෂණය කීරීමේ හා ධීවර කර්මාන්තය පිළිබඳ සම්මුතිය
  • සමුද්‍ර දුෂණයන් වැළැක්වීමේ අන්තර්ජාතික සම්මුතිය

මිට අමතරව ශ්‍රී ලංකා මුහුදු කලාපයේ වාසය කරන සාගරවාසී ජීවී විශේෂ හා සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා නීති පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වේ. මේ යටතේ හික්කඩුව ජාතික සමුද්‍ර උද්‍යානය, බොනවිස්ටා සමුද්‍ර රක්ෂිතය වැනි සමුද්‍ර ජීවින් හා පරිසර පද්ධති ආරක්ෂා කීරීමේ ස්ථාන පිහිටුවා ඇත.සංරක්ෂණ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, අන්තර්ජාතික සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ක්‍රියාත්මක වේ.උදාහරණ ලෙස පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර දුෂණ වැළැක්වීමේ දෙපාර්තාම්න්තුව, ලෝක සංරක්ෂණ සංගමය යනා දී දැක්විය හැක.

මුලාශ්‍ර

ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා කාර්යාලය,ත්‍රෛමාසික පුවත් හසුන "හරිත හසුන" 2004, දෙවන කලාපය

Friday, August 27, 2010

ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්....

ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදය, හෝර්ටන් තැන්න සහ නකල්ස් ලෝක උරුම බවට පත් කෙරේ.ගාලු කොටු පවුර, මහනුවර දළදා මාළිගාව, සීගිරිය, දඹලු රජමහා විහාරය වසර විසි දෙදෙකකට පෙර ලෝක උරුම බවට ප්‍රකාශ කරන ලදි.ජෛව විවිධත්වයෙන් අනුන ශ්‍රී පාද අඩවිය ද අභය භූමියක් ලෙස 1940 ඔක්තෝම්බර් 25 දින ප්‍රකාශ කරන ලදි. රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, යන දිස්ත්‍රික්ක තුන පුරා හෙක්ටයාර් 22380 ක ප්‍රමාණයකින් විහිදී ඇති මෙය ස්වාභාවික රක්ෂිතයක් ලෙස 2007 සැප්තැම්බර් 21 වන දින ප්‍රකාශ කර ඇත.

මෙවර යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයන් ලෙස ස්ථාන 10ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර ශ්‍රී ලංකාවේ පිහිටි ශ්‍රි පාදය,හෝර්ටන් තැන්න සහ නකල්ස් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශ කර ඇත.මේවා ජෛව විවිධත්වය අතින් අනුන ස්වාභාවික පරිසර පද්ධතින් වේ.මෙරටට ආවේණික වු ශාක හා සත්ව විශේෂ අතර කැහිබෙල්ලා, හබන් කුකුළා වැනි පක්ෂි විශේෂ 20ක් මෙන් ම හොර, බෙරලිය, කීන, වල් දෙල්, දං, මිල්ල වැනි ශාක විශේෂ හා අලියා, ගොනා, මී මීන්නා වැනි සතුන් ද ඒ අතර දක්නට ලැබේ.


හෝර්ටන් තැන්න අතිතයේ දී මහ එළිය නමින් හදුන්වනු ලැබු අතර ජෛව විවිධත්වය අතින් අනුන සොබාදහම් මෑණියන්ගේ දායාදයකි. වර්ෂ 1837 දක්වා ආන්ඩුකාර ශ්‍රීමත් රොබට් හොර්ටන් සිහිවීමට මෙම ප්‍රදේශය 'හෝර්ටන්' ලෙස නම් කර ඇත. මෙය රක්ෂිත භුමියක් ලෙස ප්‍රකාශයට පත්වුයේ 1969 දෙසැම්බර් 05 වැනිදාය. ජාතිකඋද්‍යානයක් ලෙස 1988 මාර්තු 16 වන දින ප්‍රකාශ කරන ලදි. කීන, මහරත්මල්, බිනර වැනි ආවේණික ශාක බහුලව දැකිය හැකි අතර ගෝන්නුන්, දිවියන්, වලසුන් ආදි සතුන් ද වාසය කරයි.



නකලස්වල ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් විසි තුනෙන් තිහක්ම ජිවත් වේ. ලෝක සංරක්ෂණ සංගමය කරන අධ්‍යයනයකට අනුව කුල එකසිය හතලිස් එකකට අයත් සපුෂ්ප ශාක,ශාක විශේෂ 1033 ක් සොයා ගෙන ඇත.මින් 160ක්ම ලංකාවට ආවේණිකය.මෙය වර්ෂ 1813 ඉංග්‍රීසින් විසින් දුම්බර කදුකරයේ සිට මීටර 150 ට වඩා ඉහළ, ' වළාකුළු වනාන්තර 'ප්‍රදේශ ලෙස නම් කරන ලදි. 2000 වසරේ මැයි 05 අංක 1130/22 ගැසට් නිවේදනය මගින් සංරක්ෂිත වනාන්තරයක් ලෙසත් 2007 ජුලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය මගින් සංරක්ෂිත වනය තුළ ඇති ඉඩම් නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙස පත් කරන ලදි.

ශ්‍රී පාද අඩවිය රත්නපුර, නුවර එළිය හා කෑගල්ල දිස්ත්‍රික් තුනට අයත් වේ. මෙය 1940 වසරේ දී අභය භූමියක් බවට පත් කළ අතර 2007 වසරේ දී සංරක්ෂණය කීරීමේ අවශ්‍යතාව මත එහි හෙක්ටයාර් 12979 ක භූමි ප්‍රමාණයක් ස්වාභාව්ක රක්ෂිතයක් බවට පත් කරන ලදි. ශ්‍රී පාද පද්මය හා එහි ළගා විය හැකි මාර්ග පද්ධතිය යනාදිය ඇතුලත්ව තවත් හෙක්ටයාර් 9400 ක් අභය භූමිය ලෙසම පවති. ශ්‍රී ලංකාවේ උසින් හතරවන ස්ථානයේ ලා ගැනෙන (උස මිටර 2243) සමනල කදු මුදුන මීට අයත් වේ.


















Friday, August 20, 2010

ලෝක විනාශය 2012 දී සිදු වේවි ද ?

මේ දිනවල වැඩ්හිටි, බාල මහලු කොයිකාගෙත් එක ලෙස අවධානයට යොමු වී ඇති මාතෘකාවක් වන්නේ 2010 ලෝක විනාශය යි. භූගෝල විද්‍යාව ඉගෙන ගන්නා අප පාසල් වියේ දී පෘඵිවියේ පැවැත්ම හා එහි විකාශය පිළිබඳ ඉගෙන ගන්නෙමු. ඒ නිසාවෙන් පෘඵිවියේ විනාශය පිළිබඳ තතු දැන ගැනීමට ද අප තුළ ඇත්තේ දැඩි ආශාවකි.

මේ දිනවල වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ තවත් දෙවසරකට පසුව උදාවන 2012 වසරේ දෙසැම්බර් 21 වන දා මහා විනාශයක් සිදු වී පෘථීවිය මතින් ජීවය තුරන් වේ ද යන්න පිළිබඳව ය.2012 වසරේ ලෝක විනාශය පිළිබිඹු කෙරෙන විවිධ සිනමා නිර්මාණයන් ද වත්මනයේ දක්නට ලැබේ.සැබැවින්ම 2012 වසරේ සිදු වෙතැයි සිතෙන මෙම මහා විනාසය පිළිබඳ මතවාද පැතිර යන්නේ අද ඊයෙක පටන් නොවේ.පෘථිවිය මත ජීවින්ගේ අවසානය පිළිබඳ හා ‍භෞතික වශයෙන් කෙදිනක හෝ ලෝක විනාශය වන බවට විවිධ ආගම්වල ඇති මතවාද හා විවිධ දාර්ශනිකයන් පළ කර ඇති මතවාද නිසා එවන්නක් ගැන මිනිසා තුළ අනියත විශ්වාසයක් පැවතීම පුදුමයක් නොවේ.

2012 දී සිදුවන බවට සැළකෙන මහා විනාශයක් පිළිබඳ මතයට මුලික පදනම අදින් වසර පන්දහස් ගණනකට එපිට පැවති මයා ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි.මයා ශිෂ්ටාචාරය භාවිතා කළ අතිශය සංකීර්ණ වසර පන්දහසකට වඩා දිගු මායා දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම මෙයට හේතුව යි.මායාවරුන් යනු තර්කශාස්ත්‍රය, විද්‍යාව හා ජ්‍යොතිෂය පිළිබඳ මනා දැනුමකින් හෙබි, බුද්ධි මට්ටමින් ඉහළ ලෝකය පිළිබඳ අවබෝධයෙන් ජීවත් වු පිරිසකි.මායා ශිෂ්ටාචාරය අද මධ්‍යම ඇමරිකාව ලෙස සලකන මෙක්සිකෝව, ගෝතමාලාව, සහ එල් සැල්වදෝරය යන රටවල භූමි භාගය පුරා විසිරී පැවති ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකි.අද අප භාව්තා කරන දින දසුනේ 2012 වසරේ දෙසැම්බර් 21 වනදාට මායාවරුන්ගේ දිගු දින දසුන අවසන් වේ.එදිනට පෘථීවිය මත විනාශයක් සිදු වී නව යුගයක් උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.මෙම විනාශය පිළිබඳ ඔවුන්ගේ ඉපැරණි ශිලා ලේඛනයක ද සංකේතානුසාරයෙන් දක්වා ඇති බව පිළිගැනේ. එහෙත් ඇතැම් අයගේ මතය වී ඇත්තේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයක පළ වු එවැනි අනාවැකියක් වත්මන් දියුනු ශිෂ්ටාචාරය පිළිගත යුතු ද යන්න යි. එහෙත් මෙම මතය පහසුවෙන් බැහැර කළ හැකි ද ?

ලෝක විනාශය පිළිබඳ අනාවැකි පළ කර ඇති මහා දාර්ශනිකයන් අතර නොස්ට්‍රාඩාමුස් හා එඩ්ගාකේසි වැදගත් වේ. නොස්ට්‍රාඩාමුස් 1503 දෙසැම්බර් 14 වනදා ප්‍රංශයේ ශාන්ත රෙම් හි උපත ලැබු අතර අනාගතයේ ලොව සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ අනාවැකි පළ කරන ලදි. ඔහු පළ කළ එවැනි අනාවැකි බොහොමයක් සත්‍ය ලෙසම සිදු විය.2012 වසරේ දී පෘථිවිය මත ගැටෙන ග්‍රාහකයක් හේතුවෙන් ලෝකය මහා ව්‍යවුලකට පත් වී ඒ හේතුවෙන් තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට ඔහුගේ අනාවැකියකින් ප්‍රකට වේ. මෙම ග්‍රාහකයා සුමේරියානු ශිෂ්ටාචාරයේ එන 'තිබුරු' නම් ග්‍රහ ලෝකය බවට විශ්වාසයක් ඇති වී තිබේ.එඩ්ගාකේසි ට අනුව පෘථිවායේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ලෝක විනාශය සිදු වන බව යි.

පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා සිදු වන විනාශයන් පිළිබඳ අප තුළ දැනුමක් තිබිය යුතුය. විශාල භූමි කම්පා ඇතිවීම, ගිනි කදු, ටොනෙ‍‍‍ඩො හා මහා සුළි සුළං ඇති වන්නේ පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ය. දිනෙන් දින මෙවැනි මහා ව්‍යසන පිළිබඳ අපට අසන්නට ලැබේ. මෙවැනි ව්‍යසන ඇතිවීමට වග කිව යුත්තේ කවු ද? වර්තමානයේ මිනිසා පරිසරය සමඟ ගනු දෙනු කරන ආකාරය ගැන සළකා බැලීමේ දී මුළු මිනිස් සංහතියම භයානක අඩියකට පියමනිමින් සිටින බවට කිසිදු සැකයක් නැත.පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන පරිසර විනාශය හේතු කොට ගෙන ගෝලීය උනුසුම් වීම ඉහළ ලොස් ඇත.පසුගිය දා හයිටියේ ඇති වු භූමි කම්පාවට හේතු වු චුම්භක ධ්‍රැව වෙනස්වීම අයිස් කදු දියවීම නිසා ඇතිවුවක් ද යන්න සැකයට බදුන් වී ඇති කරුණකි.

කෙසේ හෝ තාක්ෂණයේ දියුනුවත්, කාර්මිකරණයත් සමග අත්වැල් බැද ගෙන සංවර්ධනය කරා පියමනින ලෝකයෙහි, මිනිසා පරිසරය සමග ගනු දෙනු කරන ආකාරය දිහා බැලු විට ලෝක විනාශය වැඩි ඈතක නොවන බවට ඇති සාධක බොහෝ ය.


(දිවයින 2010 පෙබරවාරි 14 වැනි ඉරිදා දින පළ වු ලිපියක් ඇසුරෙනි.)

Saturday, August 7, 2010

ලෝක ආහාර හිඟය ළඟදීම....



ලෝකයේ රටවල් කිහිපයක් ම කාන්තාර බවට පත්වීමේ ප්‍රවණතාවයකට භාජනය වී ඇති බව පිළිගෙන තිබේ.යමි ප්‍රදේශයක අසීමිතව සිදුවන මිනිස් ක්‍රියාකාරකමි හෝ වෙනත් බලපෑමි නිසා පරිසරයේ සමතුලිකකාවය බිඳවැටිම ,පාංශූ ඛාදනය,ජලාශවල රොන් මඩ තැන්පත්වීම,ස්වභාවික වන වැස්මේ ජෛව විවිධත්වය වැනසීම,ඉඩමිවල නිෂ්පාදන හැකියාව බිඳ වැටීම,ජල හිඟය,දේශගුණය කර්කෂ විම ආදිය කාන්තාරීකරණය ක්‍රියාවලියේ මුලික ලක්‍ෂණ වේ.


ලෝකයේ රටවල් ගණනාවක පිහිටි සමහර ප්‍රදේශ කාන්තාරකරණයට පරිවර්තනය විමේ ලක්‍ෂණ පහළ වී ඇති බැවින් 1990-1991දක්වා කාලසීමාව තුළ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් පර්යේෂණ ගණනාවක් සිදුකරන ලදී.ඒ අනුව 1991 අප්‍රේල් මස 25-27 දක්වා මේ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් බ්‍රසීලයේ දී පවත්වන ලදී. මෙහි දී කාන්තාරීකරණය මැඩලීමෙි සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

කාන්තාරකරණය මැඩීම සඳහා නොපමාව පියවර නොගත‍හොත් ඉදිරි දශක 2-3 තුළ දී ලෝකයේ ආහාර හිඟයක් ඇති වීම නොවැළක්විය හැකි බවට අනාවැකි පළ කර ඇත.
තව ද කෘෂිකාර්මික බෝග නිෂ්පාදනවල අස්වැන්න පහත වැටීම,වනාන්තර ඇතුළු බහු වාර්ෂික ශාක වැස්ම අඩුවීම,භූගත හා භූතල ජල සමිපත් ක්‍ෂය විම,වගා කිරිමට සුදුසු ඉඩම් පරිහරණයට ලක් වී වගා කළ නොහැකි ඉඩම් බවට පත්විම කාන්කාරිකරණය ඇති විමට හේතුවන දෘශ්‍යමාන ලක්‍ෂණ ලෙස දැක්විය හැක.
මිනිසා විසින් ස්වාභාවික රැදවුම් ධාරිතාවට වැඩි ධාරිතාවකින් සම්පත් පරි‍භෝජනය,නියඟයන්,දැඩි පාරිසරික විපර්යාස,ජනගහනය අධික විම,සමිපත් කෙරෙහි අසීමිත ඉල්ලුම ආදී ලක්‍ෂණ හේතු කොට ගෙන අද ලොව කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.
එක්සත් ජාතින්ගේ කාන්තාරීකරණය පිටු දැකී‍‍මේ වැඩ සටහන මඟින් කරන ලද අධ්‍යයනයන් අනුව පහත සඳහන් තොරතුරු හෙළි වී ඇත.ලෝකයේ වියළි බිම් ප්‍රමාණය හෙක්ටයාර් බිලියන 6.45ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස දැක්වුව හොත් එය 43%ක් වේ.එම වාර්තාව අනුව ලෝකයේ මිනිසුන් විසින් සිදුකරන ලද බලපෑම් නිසා ඇති වු කාන්තාර ප්‍රමාණය කොතෙක් ද යත් එය හෙක්ටයාර් බිලියන 9කි.ප්‍රතිශතයක් ලෙස දැත්වුවහොත් එය 6% කි.ලෝකයේ රටවල් සියයකට ආසන්න ප්‍රමාණයක් කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.

Friday, August 6, 2010

ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජෛව විවිධත්වය නුදුරු අනාගතයේදී වැනසී යාවි ද ?

ජෛව විවිධත්වය යනු කුමක් ද?

පෘථිවිය මත ඇති ජීවින්ගේ ව්ව්ධත්වය හා බහුලත්වය ජෛවවිවිධත්වය ලෙස සරලව දැක්විය හැක.ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ ජීව විද්‍යාත්මක විවිධත්වයෙන් බහුල පොහොසත් රටවල් අතුරින් එකකි.





වත්මනයේ ලාංකේය ජෛව විවිධත්වයට කුමක් සිදු වි ඇත් ද?
ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් ස්වාභාව්ක සමිපතක් වනුයේ භූමිය යි. කෘෂිකර්මාන්තය ,වනාන්තර,ජෛව විවිධත්වය සහ වෙනත් බොහො සමිපත් රැදී පවතිනුයේ ඒ මත ය.වර්ෂ 1995මැද භාගය වන ව්ට දස ලක්‍ෂ 17.8ක පමණ ජනගහනයක් සහිත වු මෙරටේ භූමියත් මිනිසාත් අතර අනුපාතය දැන් එක් පුද්ගලයකුට හෙක්ටයාර 0.3ක් ව පවති.දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදී‍මේදී බංගලාදේශය හැරැණු විට,ඉහළම ජනගහණ ඝණත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.හෙක්ටයාර් දශලක්‍ෂ 6.5ක් අතුරින් කෘෂිකාර්මික භාවිතය සදහා යෝග්‍ය පස් ඇත්තේ හෙක්ටයාර් දස ලක්‍ෂ 5.5ක පමණි.ඉතිරි භූමි ප්‍රමාණය අධික බෑවුමි සහිතව හෝ ගල් සහිතව හෝ ලවණතා‍වේ බලපැමට හෝ ලක්ව ඇත.

ශ්‍රී ලංකාවේ භූමිය ප්‍රධාන වශයෙන් වනාන්තර ,කෘෂිකාර්මික ඉඩමි හා වෙනත් ඉඩමි ලෙස පරිහරණය කෙරේ. තවමත් වැඩි වශයෙන් භූමිය උපයෝගී කර ගැනෙන්නේ ස්වාභාවික වනාන්තර ලෙසට ය.එම භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2043296 ක් වශෙයන් ගණන් බලනු ඇත. සියලු කෘෂිකාර්මික ඉඩමිවලට ගැනෙන්නේ දළ වශෙයන් මුළු භූමි ප්‍රමාණෙයන් තුනෙන් පංගුවක් පමණ වන අතර ,ඊට හෙක්ටයාර් දශ ලක්‍ෂ 2ක් පමණ අයත් වේ.මුළු භූමි ප්‍රමාණෙයන් ඉතිරි තුනෙන් එක් කොටස මිනිස් ජනාවාසවලට ගැනෙන අතර,ගෙවතු ,නාගරික හා කාර්මික ප්‍රදේශ, මුඩු ඉඩමි හා ප්‍රයෝජනයට ගනු නොලැබු ඉඩමි ද මීට අයත් වේ‍.

පසුගිය දශකයේ මැද භාගයේ සිට ඉඩම් පරිහරණයේ වෙනස්වීමි හ‍ට ගෙන ඇත.වර්ෂ 1881 දී ශ්‍රී ලංකාවේ මුළු බිමි ප්‍රමාණයෙන් 80%කට අධික ප්‍රමාණයක් වනයෙන් වැසී තිබුණු බව ඉතිහාසගත තොරතුරැවලින් පෙනේ.වර්ෂ 1948 දී ජාතික නිදහස ලැබෙන විට මෙය 45% දක්වා පහළ බැස තිබුණි. දැනට මෙය 24% ක් පමණ වෙතැයි ගණන් බලනු ලැබ ඇත.මේ අයුරින් ජනගහනය ශ්‍රීඝයෙන් වැඩි වු අතර,ප්‍රතිලෝම සමිබන්ධතාවයක් පෙන්නුමි කරමින් වන වැස්ම හීන විම සිදු විය.වනයෙන් වැසී තිබුණු බොහෝ ඉඩමි හෙන් ගොවිතැන සදහා යොදාගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෛව ප්‍රභේද ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යාමට පටන් ගැණිනි.මෑත භාගයේදී තණ බිමි ප්‍රමාණයද 22%කින් පමණ අඩු වී ගොස් ඇත.

හෙන් ගොවිතැන මෙන්ම රජයේ ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම ද වත්මනයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.දියපාරවල් හා ඇලවල් සදහා වෙන්කර ඇති ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා ජල සමිපතට ද පාරිසරික තර්ජන එල්ල වි ඇත.දැනට තිබෙන කෘෂිකාර්මික ඉඩමි අධික වශයෙන් පරිහරණයට ගැනීමේදී සාරවත් බව පවතිවාගෙන යාම සදහාත් කෘමින්ගෙන් සහ පළිබෝධකයින්ගෙන් ඇතිවන හානිය අවම කර ගැනීම සදහා ත් කෘෂි රසායනික වැඩි වැඩියෙන් භාවිතා කිරිම සිදු විය.එකී ප්‍රතිඵලයක් ලෙස සත්ව හා ශාක විශේෂයන්ට දැඩි තර්ජන ඇතිවන්නට පටන් ගැනිණි.

ශ්‍රී ලංකාවෙ ජෛව විවිධත්වය කෙරෙහි විශාලතම තර්ජනය ඇතිවනුයේ වාසභූමි අනුක්‍රමයෙන් හින වි විනාශ වී යාම තුළිනි.වැඩිවන ජනගහනය,කෘෂිකාර්මික කටයුතු සදහා භූමිය යොදා ගැනීම හා ඉඩමි අක්‍රමවත් ලෙස පරිහරණය කිරිම ‍මෙයට හේතු වී ඇත.විශේෂයෙන්ම කදුකර ප්‍රදේශයේ ඇළ දොළ සදහා වෙන් වු ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා අපගේ ජල සමිපත්වල ප්‍රමාණය මෙන්ම ගුණාත්මක භාවය කෙරෙහි ද බලපෑමි ඇති වෙමින් පවති.නුවරඑළිය අවට එළවළු වගා කිරිම සදහා ඉඩමි අනවසරයෙන් අල්ලා ගෙන ඇති අතර එවාට කෘෂි රසායන්ක ද භාව්තා කෙරේ.

මිනිසාගේ සුබ සිද්ධිය සදහා ස්වභාව ධර්මය වෙනස් කරන අතරම මිනිසාගේ විචක්ෂණ භාවය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරිමට පියවර ගන්නේ නම්,ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැනසි යාම වළක්වා ගත හැක.එය පරිසර හිතකාමින් විදිහට කතාවෙන් නොව ක්‍රියාවෙන් ඉටු කර පෙන්වමු.



මුලාශ්‍ර

  • වන සමිපත් හා පරිසර අමාත්‍යංශය මගින් පළ කරනු ලබන 'රුක් සගරාවේ 1999 ජුලි කලාපයේ' පළවු ලිපියක් ඇසුරිනි.
  • එපිටවත්ත සෙනවි ,ජෛව භූගෝල විද්‍යාව 1

Wednesday, July 28, 2010

භූගෝල විද්‍යා ‍තොරතුරු පද්ධතිය යනු කුමක්ද?

භූගෝල විද්‍යා ‍තොරතුරු පද්ධතිය යනු කුමක්ද?

භූගෝල විද්‍යා ‍තොරතුරු තාත්ෂණය, පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමග විකාෂණය වු විෂයක් ලෙස හැදින්විය හැක. භූගෝල විද්‍යාත්මකව පරිශීලනය කළ දත්ත හා තොරතුරැ පරිගණක මෘදුකාංග හා දෘඩාංග භාවිතයෙන් ග්‍රහණය කොට, කළමණාකරණය කර ඉදිරිපත් කිරීමේ ක්‍රයාවලිය, භූගෝල විද්‍යා ‍තොරතුරු පද්ධතිය නම් වේ.

1990 භූගෝල විද්‍යා තොරතුරු සදහා වු ආයතනය මගින් භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය හැදින්වනුයේ සමිපත් කළමනාකරණය හා සැලසුමි කිරී‍‍‍මේදී සිදුවන ගැටලු නිරාකරණය කරම්න් දෟඩාංග හා මෟදුකාංග මෙන්ම ක්‍රීයාවලීන් ද භාවිතා කරමින් අවකාශීය සමුද්දේශිත දත්ත පාලනය කරන විශ්ලේෂණය කරන පද්ධතියක් ලෙසට ය.

භුගෝල විද්‍යාත්මක ‍තොරතුරු යනු

භුගෝල විද්‍යාත්මක ‍තොරතුරු යනු පෘථිවිය මත දක්නට ලැබෙන විශේෂ ස්ථානයක් පිළිබද ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම වේ. උදාහරණ ලෙස යමිකිසි ස්ථානයක් තුළ දක්නට ලැබෙන භූගෝලීය තොරතුරු.භූගෝල විද්‍යා තොරතුරු ගැන සලකා බැලීමේදී ජාතික කොටු සැලැස්ම වැදගත් තැනක් හිමි වේ.මන්ද මෙම තොරතුරු අක්ෂාංශ දේශාංශ අනුව පරීශිලනය කළ හැක.600 ජාතික කොටු සැලැස්ම ඉදිරිපත් කොට ඇත්තේ මුලු ලෝකයෙහිම ඇති ක්ෂේත්‍රීය දත්ත එක සමාන නොවන බැවින් ඒ ඒ ප්‍රදේශවලට අදාළ වන පරිදි ගෙන ඉදිරිපත් කිරීම වේ.

භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධතියේ භාව්තා වන දත්ත වර්ග 2කි. එනම් ක්ෂේත්‍රීය දත්ත හා ක්ෂේත්‍රීය නොවන දත්ත වේ.






ක්ෂේත්‍රීය දත්ත ලෙස සිතියම් ද ක්ෂේත්‍රීය නොවන දත්ත ලෙස ගුණාත්මක වගු ද ගැනේ.

ආකෘති යනු

සැබැ ලෝකයේ පවතින කිසියම් දත්තයක් පරිමානුකූලව නිර්මාණය කිරීම ආකෘතිය වේ.ත්‍රිමාන හා ද්විමාන ආකාරයට මෙම ආකෘති නිර්මාණය කළ හැක.භූගෝල විද්‍යාවේ දී විවිධ අවකාශිය ලක්ෂණ එකිනෙකට බද්ධ කරමින් නිරූපණයන් සිදු කරනු ලබයි.එය භූගෝල විද්‍යාත්මක පද්ධතිය තුළ දී ආදාළ සිතියම් විද්‍යාත්දක ලක්ෂණයන් තිත්(පොයින්ට්), රේඛා(ලයින්), බහු අශ්‍ර (පොලිගන්) යන ස්තර(ලේයර්ස්) මගින් සිදු කරනු ලබයි
උදාහරණ පහත පරිදි දැක්විය හැක.

යමි කිසි ස්ථානයක් පෙන්නුම් කිරිම සදහා තිත් ලක්ෂණ යොදා ගනු ලබයි. උදාහරණ ලෙස නගර, කර්මාන්තශාලා, ළිං යනාදිය නිරූපණය කළ හැක.රේඛා මගින් පාරවල්, දිය ඇලි ආදි දෑ පෙන්නුම් කරනු ලබයි.ප්‍රදේශයන් බහු අශ්‍ර මගින් ‍නිරූපණය කරනු ලබයි.