Tuesday, December 4, 2012

දුරස්ථ සන්නිවේදනය (Remote Sensing)

දුරස්ථ සන්නිවේදනය යනු කුමක් ද?


දුරස්ථ සන්නිවේදනය යනු සරලව නිර්වචනය කලහොත් දුරින් සිට වස්තුවක්,ප්‍රදේශයක් හෝ සංසිද්ධියක් පිළිබඳව තොරතුරු(Information) හා දත්ත (Data)ලබා ගැනීම යි.තවත් ආකාරයකින් කිවහොත් යම් වස්තුවක් ස්පර්ශ කිරීමකින් තොරව තොරතුරු ලබා ගැනීම දුරස්ථ සන්නිවේදනය සේ දැක්විය හැකි ය.

පංච ඉන්ද්‍රියන්, එනම් ඇස,කන,නාසය,දිව හා ශරීරය පිළිබඳ ඔබ අසා ඇත්තෙමු.මින් සෑම මිනිසෙකුටම දුර සිට සන්නිවේදනය කළ හැකි ඉන්ද්‍රියයන් 3ක් ඇත.එනම් ඇස,කන හා නාසය යි.අපගේ ඇස කිසිදු වස්තුවක ස්පර්ශ නොකර අපි එම වස්තුව පිළිබඳ තොරතුරු ලබා ගනිමු.ගඳ,සුවඳ දුර සිට ම අපගේ නාසයට දැනීමේ හැකියාවක් ඇත.ඇතින් ඇසෙන ශබ්ද හදුනා ගැනීමට අපට පුළුවන.

මෙම මූලධර්මය පදනම් කර ගෙන නිර්මාණය කරන ලද උපකරණ උපයෝගී කර ගෙන කිසියම් වස්තුවක්,ප්‍රදේශයක් හෝ සංසිද්ධියක් පිළිබඳව තොරතුරු හා දත්ත ලබා ගැනීම දුරස්ථ සන්නිවේදනය යි.මේ සඳහා ගුවන් කැමරා(Arial camera),පරිලෝකනය(Scanner),රේඩාර් ආදී උපකරණ යොදා ගනු ලබ යි.මෙම උපකරණ උපයෝගී කරගෙන විවිධ වර්ගයේ ජයාරූප හා ප්‍රතිබිම්බ ලබා ගත හැකි ය.

 

හිරුගෙන් නික්මෙන්නේ විද්‍යුත් චුම්බක ශක්තිය යි.මෙම ශක්තිය පෘථිවි තලය මත වැදී පරාවර්තනය වේ.මෙසේ පරාවර්තනය වන ආලෝකය උපයෝගී කරගෙන භූමියේ ජායාරූපයක් ඉහළ අහසේ සිට හෝ අභ්‍යවකාශයේ සිට හෝ ගත හැකි ය.මේ සදහා පරිලෝකනයක්(Scanner)භාවිතා කෙරේ.එය චන්ද්‍රිකාවක සවි කර දත්ත රැස් කිරීම සිදු කෙරේ.පරිලෝකනයක් මගින් රැස් කර ගන්නා දත්ත වීඩියෝ පටයක සටහන් වන අතර එම වීඩියෝ පටයේ දත්ත චන්ද්‍රිකාව මගින් පෙරළා පෘථීවිය මත වූ ආදායකයක් Ground Receiver station)මගින් ලබා ගනි යි.

 
 

දුරස්ථ සන්නිවේදනයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ අවකාශීය දත්ත රැස් කීරීම යි.ඇතැම් දත්ත දුරස්ථ සන්නිවේදන ක්‍රම මගින් රැස් කර ගත හැකි වුවත් ඇතැම් දත්ත මෙමගින් රැස් කර ගත නොහැක.උදාහරණ ලෙස -ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් පිළිබඳ දත්ත රැස් කර ගත යුතු වන්නේ රෝහල් සටහන් ආශ්‍රෙයන් පමණි.ඒ සඳහා යොදා ගත හැකි දුරස්ථ සන්නාවේදන ක්‍රමයක් නොමැත.එහෙත් ලබා ගත් දත්ත ප්‍රතිබිම්බයක් මඟින් සෑදු සිතියමක් තුළට ඇතුළත් කළ හැකි ය.එමෙන්ම දුරස්ථ සන්නිවේදනයට දත්ත රැස් කීරීම සදහා ආවේණික ක්‍රම ඇත.උදාහරණ ලෙස-"සෙනාර්" එක් දුරස්ථ සන්නිවේදන ක්‍රමයකි.කම්පන තරංග යාවා කෙරෙන පාෂාණ ස්තර ගවේෂණය තවත් ආවේණික ක්‍රමයකි.ඒ සඳහා වෙනත් විකල්ප නොමැත.

දුරස්ථ සන්නිවේදනය මඟින් ලබා ගත් දත්ත සියල්ල පරිගණකයක් තුළ අංකිත ක්‍රමයකට (Digital)ගබඩා කෙරේ.විශ්ලේෂණය කීරීමට ප්‍රථම මෙම දත්ත ජායාරූප බවට පරිවර්තනය කරනු ලබ යි.
අද ලොව විශාල ලෙස භාවිතා වන මෙම නවීන තාක්ෂණය මඟින් දැනුම් සම්භාරයක් සොයා යන්නට මග පාදනු ලබ යි.විශේෂයෙන්ම ලොව පුරා සිදු වන ස්වාභාවික ආපදා, කළමණාකරණය කීරීමට ද මෙම තාක්ෂණය යොදා ගත හැකි ය.

1 comment: