ජෛව විවිධත්වය යනු කුමක් ද?
පෘථිවිය මත ඇති ජීවින්ගේ ව්ව්ධත්වය හා බහුලත්වය ජෛවවිවිධත්වය ලෙස සරලව දැක්විය හැක.ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ ජීව විද්‍යාත්මක විවිධත්වයෙන් බහුල පොහොසත් රටවල් අතුරින් එකකි.
පෘථිවිය මත ඇති ජීවින්ගේ ව්ව්ධත්වය හා බහුලත්වය ජෛවවිවිධත්වය ලෙස සරලව දැක්විය හැක.ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ ජීව විද්‍යාත්මක විවිධත්වයෙන් බහුල පොහොසත් රටවල් අතුරින් එකකි.
වත්මනයේ ලාංකේය ජෛව විවිධත්වයට කුමක් සිදු වි ඇත් ද?
ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් ස්වාභාව්ක සමිපතක් වනුයේ භූමිය යි. කෘෂිකර්මාන්තය ,වනාන්තර,ජෛව විවිධත්වය සහ වෙනත් බොහො සමිපත් රැදී පවතිනුයේ ඒ මත ය.වර්ෂ 1995මැද භාගය වන ව්ට දස ලක්‍ෂ 17.8ක පමණ ජනගහනයක් සහිත වු මෙරටේ භූමියත් මිනිසාත් අතර අනුපාතය දැන් එක් පුද්ගලයකුට හෙක්ටයාර 0.3ක් ව පවති.දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදීමේදී බංගලාදේශය හැරැණු විට,ඉහළම ජනගහණ ඝණත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.හෙක්ටයාර් දශලක්‍ෂ 6.5ක් අතුරින් කෘෂිකාර්මික භාවිතය සදහා යෝග්‍ය පස් ඇත්තේ හෙක්ටයාර් දස ලක්‍ෂ 5.5ක පමණි.ඉතිරි භූමි ප්‍රමාණය අධික බෑවුමි සහිතව හෝ ගල් සහිතව හෝ ලවණතාවේ බලපැමට හෝ ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ භූමිය ප්‍රධාන වශයෙන් වනාන්තර ,කෘෂිකාර්මික ඉඩමි හා වෙනත් ඉඩමි ලෙස පරිහරණය කෙරේ. තවමත් වැඩි වශයෙන් භූමිය උපයෝගී කර ගැනෙන්නේ ස්වාභාවික වනාන්තර ලෙසට ය.එම භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2043296 ක් වශෙයන් ගණන් බලනු ඇත. සියලු කෘෂිකාර්මික ඉඩමිවලට ගැනෙන්නේ දළ වශෙයන් මුළු භූමි ප්‍රමාණෙයන් තුනෙන් පංගුවක් පමණ වන අතර ,ඊට හෙක්ටයාර් දශ ලක්‍ෂ 2ක් පමණ අයත් වේ.මුළු භූමි ප්‍රමාණෙයන් ඉතිරි තුනෙන් එක් කොටස මිනිස් ජනාවාසවලට ගැනෙන අතර,ගෙවතු ,නාගරික හා කාර්මික ප්‍රදේශ, මුඩු ඉඩමි හා ප්‍රයෝජනයට ගනු නොලැබු ඉඩමි ද මීට අයත් වේ.
පසුගිය දශකයේ මැද භාගයේ සිට ඉඩම් පරිහරණයේ වෙනස්වීමි හට ගෙන ඇත.වර්ෂ 1881 දී ශ්‍රී ලංකාවේ මුළු බිමි ප්‍රමාණයෙන් 80%කට අධික ප්‍රමාණයක් වනයෙන් වැසී තිබුණු බව ඉතිහාසගත තොරතුරැවලින් පෙනේ.වර්ෂ 1948 දී ජාතික නිදහස ලැබෙන විට මෙය 45% දක්වා පහළ බැස තිබුණි. දැනට මෙය 24% ක් පමණ වෙතැයි ගණන් බලනු ලැබ ඇත.මේ අයුරින් ජනගහනය ශ්‍රීඝයෙන් වැඩි වු අතර,ප්‍රතිලෝම සමිබන්ධතාවයක් පෙන්නුමි කරමින් වන වැස්ම හීන විම සිදු විය.වනයෙන් වැසී තිබුණු බොහෝ ඉඩමි හෙන් ගොවිතැන සදහා යොදාගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෛව ප්‍රභේද ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යාමට පටන් ගැණිනි.මෑත භාගයේදී තණ බිමි ප්‍රමාණයද 22%කින් පමණ අඩු වී ගොස් ඇත.
හෙන් ගොවිතැන මෙන්ම රජයේ ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම ද වත්මනයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.දියපාරවල් හා ඇලවල් සදහා වෙන්කර ඇති ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා ජල සමිපතට ද පාරිසරික තර්ජන එල්ල වි ඇත.දැනට තිබෙන කෘෂිකාර්මික ඉඩමි අධික වශයෙන් පරිහරණයට ගැනීමේදී සාරවත් බව පවතිවාගෙන යාම සදහාත් කෘමින්ගෙන් සහ පළිබෝධකයින්ගෙන් ඇතිවන හානිය අවම කර ගැනීම සදහා ත් කෘෂි රසායනික වැඩි වැඩියෙන් භාවිතා කිරිම සිදු විය.එකී ප්‍රතිඵලයක් ලෙස සත්ව හා ශාක විශේෂයන්ට දැඩි තර්ජන ඇතිවන්නට පටන් ගැනිණි.
ශ්‍රී ලංකාවෙ ජෛව විවිධත්වය කෙරෙහි විශාලතම තර්ජනය ඇතිවනුයේ වාසභූමි අනුක්‍රමයෙන් හින වි විනාශ වී යාම තුළිනි.වැඩිවන ජනගහනය,කෘෂිකාර්මික කටයුතු සදහා භූමිය යොදා ගැනීම හා ඉඩමි අක්‍රමවත් ලෙස පරිහරණය කිරිම මෙයට හේතු වී ඇත.විශේෂයෙන්ම කදුකර ප්‍රදේශයේ ඇළ දොළ සදහා වෙන් වු ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා අපගේ ජල සමිපත්වල ප්‍රමාණය මෙන්ම ගුණාත්මක භාවය කෙරෙහි ද බලපෑමි ඇති වෙමින් පවති.නුවරඑළිය අවට එළවළු වගා කිරිම සදහා ඉඩමි අනවසරයෙන් අල්ලා ගෙන ඇති අතර එවාට කෘෂි රසායන්ක ද භාව්තා කෙරේ.
මිනිසාගේ සුබ සිද්ධිය සදහා ස්වභාව ධර්මය වෙනස් කරන අතරම මිනිසාගේ විචක්ෂණ භාවය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරිමට පියවර ගන්නේ නම්,ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැනසි යාම වළක්වා ගත හැක.එය පරිසර හිතකාමින් විදිහට කතාවෙන් නොව ක්‍රියාවෙන් ඉටු කර පෙන්වමු.
මුලාශ්‍ර
- වන සමිපත් හා පරිසර අමාත්‍යංශය මගින් පළ කරනු ලබන 'රුක් සගරාවේ 1999 ජුලි කලාපයේ' පළවු ලිපියක් ඇසුරිනි.
- එපිටවත්ත සෙනවි ,ජෛව භූගෝල විද්‍යාව 1
No comments:
Post a Comment