ලොව චන්ද්‍රිකා තාක්ෂණය සතු 45 වැනි රට බවට ශ්‍රී ලංකාව පත් වේ.
ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව 2012 නොවැම්බර් 27 වන දින චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී උඩුගුවනට යවන ලදී.චීනයට අයත් රොකට්ටුවක් මඟින් අභ්‍යාවකාශ ගත කෙරෙන මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළ කක්ෂයේ ස්ථාන ගත වී ඇත.මෙරට සුප්‍රිම් සැට් සමාගම චීනයේ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් වන චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් සමාගම හා චයිනා ග්‍රේට් වොල් ඉන්ඩස්ට්‍රීස් කොපරේෂන් සමාගම හා එක්ව මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරයි.මෙමගින් ලොව චන්ද්‍රිකා තාක්ෂණය සතු 45 වැනි රට බවට ශ්‍රී ලංකාව පත් වන අතර දකුණු ආසියා කලාපයේ 3 වැනි රට බවට ද පත්වේ.
දැනට ශ්‍රී ලංකාවට අයත් වර්ග කිලෝමීටර140,000 මුහුදු තීරය කිලෝමීටර ලක්ෂ 17 දක්වා ව්‍යාප්ත කිරීමට වර්ෂ 2018 ත් 2020 අතර කාලය තුළ දී අවස්ථාව ලැබෙනු ඇත.දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටවනු ලැබු එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මුහුදු සම්පත් සෑම රටකටම සාධරණව බෙදිය යුතුය යන නිගමනයට එළඹිමෙන් අනතුරුව 1983 දී සාගර නීති ප්‍රඥප්තිය ක්‍රියාත්මක විය.එම ප්‍රඥප්තියට අනුව සෑම රටකටම නාවික සැතපුම් 200 ක මුහුදු ප්‍රදේශයේ ජලය හා මුහුදු පතුලට අයත් සියලු සම්පත් එම රට සතුවේ. මෙම සීමාවෙන් එහා මුහුදු පතුලේ රොන්මඩ තැන්පත් වන තීරය දක්වා වු අයිතිය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාවේ අරමුණ :
ගංගාවලින් මුහුදට ගලා යන රොන්මඩ වසර දහස් ගණනක් තිස්සේ රටේ මුහුදු සීමාවට (නාවික සැතපුම් 200) එපිටින් ඝන තට්ටුවක් ලෙසින් තැන්පත් වී ඇත.එහි නිර්මාණය වී ඇති සම්පත් වනුයේ ඛනිජ සම්පත්,ගෑස්,ඛනිජ වැලි,ඉතා වටිනා බෙහෙත් වර්ග සකස් කීරීමට ගන්නා සිටර්ම්ස් නැමති ද්‍රව්‍ය හා පරිගණක ඉලෙක්ට්‍රොනික නිර්මාණයට අවශ්‍යය අමුද්‍රව්‍ය වේ.අපේ රටේ අනාගත පරපුරට අවශ්‍යය ත්‍රිලියන ගණනක වටිනාකම ඇති සම්පත් මෙම රොන්මඩ නිධියේ තැන්පත්ව ඇති බව විශ්වාස කෙරේ.මෙම සම්පත් ලබා ගැනීම සඳහා වූ අයිතිය තම රටට අත්කර ගැනිම මෙම යෝජනාවේ අරමුණයි.
මෙම යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟතාවය දක්වා ඇත.එහෙත් මෙම සම්පත් උදා කර ගැනීමට ශ්‍රී ලංකාවට බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.ඒවා නම්,
- දැනට සාගර නීතිය පිළිබඳව ගැටලු නිරාකරණය කර ගැනීමට හා පැහැදිලි කීරීමට හැකියාව ඇති පුද්ගලයන් සංඛ්‍යාව තිදෙනෙකි.
- මුහුදු පතුලේ සම්පත් පිළිබඳ ගවේෂණය කිරීමට විශේෂඥයන් නොවීම
- මුහුදු පතුලේ සම්පත් පිළිබඳව විශ්ව ව්ද්‍යාල පාඨමාලාවක් හෝ නොපැවැත්වීම
- ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ඉන්දියාවේ හා මියෙන්මාරයේ සීමා දක්වා ව්‍යාප්ත වීම නිසා සම්පත් බෙදා ගැනීමේ ආරවුල් ඇති වීමට ඇති ඉඩ කඩ
පෘථිවි දේශගුණය වෙනස්වීම
කාබන් ඩයොක්සයිඩ්, මීතෙන්, ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන් යනා දි හරිතාගාර ආචරණ වායුන් හේතුවෙන් පෘථීවියේ දේශගුණය දැඩි ලෙස වෙනස් වීම් වලට භාජනය වන අතර මේ හේතුවෙන් සාගරවල පවතින දියවැල් වල දිශාවන් කාලයත් සමඟ වෙනස්වීම් වලව භාජනය වෙමින් පවතියි.
පසුගිය ශත වර්ෂයක කාලය තුළ මුහුදු මට්ටම සෙන්ටිමීටර 10ත් 25ත් අතර උසකින් ඉහළ නැගී ඇති අතර මේ නිසා කුඩා දුපත් හා පහත් බිම් රාශියක් සාගරයෙන් යටවීමේ අවදානමකට ලක් වී ඇත. වායුගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම හේතුවෙන් සාගර මතු පිට උෂ්ණත්වය ඉහළ නැගීම සිදු විය හැක. ඉහළ නගින උෂ්ණත්වය නිසා සාගර ජීවින්ගේ පරිවෘත්තිය ක්‍රියාවලීන්ට හා සාගර පරිසර පද්ධති වල නිෂ්පාදනයට බලපෑම් ඇති විය හැක.
මුලාශ්‍ර
ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා කාර්යාලය,ත්‍රෛමාසික පුවත් හසුන "හරිත හසුන" 2004, දෙවන කලාපය
No comments:
Post a Comment