Wednesday, July 28, 2010

භූගෝල විද්‍යා ‍තොරතුරු පද්ධතිය යනු කුමක්ද?

භූගෝල විද්‍යා ‍තොරතුරු පද්ධතිය යනු කුමක්ද?

භූගෝල විද්‍යා ‍තොරතුරු තාත්ෂණය, පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමග විකාෂණය වු විෂයක් ලෙස හැදින්විය හැක. භූගෝල විද්‍යාත්මකව පරිශීලනය කළ දත්ත හා තොරතුරැ පරිගණක මෘදුකාංග හා දෘඩාංග භාවිතයෙන් ග්‍රහණය කොට, කළමණාකරණය කර ඉදිරිපත් කිරීමේ ක්‍රයාවලිය, භූගෝල විද්‍යා ‍තොරතුරු පද්ධතිය නම් වේ.

1990 භූගෝල විද්‍යා තොරතුරු සදහා වු ආයතනය මගින් භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය හැදින්වනුයේ සමිපත් කළමනාකරණය හා සැලසුමි කිරී‍‍‍මේදී සිදුවන ගැටලු නිරාකරණය කරම්න් දෟඩාංග හා මෟදුකාංග මෙන්ම ක්‍රීයාවලීන් ද භාවිතා කරමින් අවකාශීය සමුද්දේශිත දත්ත පාලනය කරන විශ්ලේෂණය කරන පද්ධතියක් ලෙසට ය.

භුගෝල විද්‍යාත්මක ‍තොරතුරු යනු

භුගෝල විද්‍යාත්මක ‍තොරතුරු යනු පෘථිවිය මත දක්නට ලැබෙන විශේෂ ස්ථානයක් පිළිබද ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම වේ. උදාහරණ ලෙස යමිකිසි ස්ථානයක් තුළ දක්නට ලැබෙන භූගෝලීය තොරතුරු.භූගෝල විද්‍යා තොරතුරු ගැන සලකා බැලීමේදී ජාතික කොටු සැලැස්ම වැදගත් තැනක් හිමි වේ.මන්ද මෙම තොරතුරු අක්ෂාංශ දේශාංශ අනුව පරීශිලනය කළ හැක.600 ජාතික කොටු සැලැස්ම ඉදිරිපත් කොට ඇත්තේ මුලු ලෝකයෙහිම ඇති ක්ෂේත්‍රීය දත්ත එක සමාන නොවන බැවින් ඒ ඒ ප්‍රදේශවලට අදාළ වන පරිදි ගෙන ඉදිරිපත් කිරීම වේ.

භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධතියේ භාව්තා වන දත්ත වර්ග 2කි. එනම් ක්ෂේත්‍රීය දත්ත හා ක්ෂේත්‍රීය නොවන දත්ත වේ.






ක්ෂේත්‍රීය දත්ත ලෙස සිතියම් ද ක්ෂේත්‍රීය නොවන දත්ත ලෙස ගුණාත්මක වගු ද ගැනේ.

ආකෘති යනු

සැබැ ලෝකයේ පවතින කිසියම් දත්තයක් පරිමානුකූලව නිර්මාණය කිරීම ආකෘතිය වේ.ත්‍රිමාන හා ද්විමාන ආකාරයට මෙම ආකෘති නිර්මාණය කළ හැක.භූගෝල විද්‍යාවේ දී විවිධ අවකාශිය ලක්ෂණ එකිනෙකට බද්ධ කරමින් නිරූපණයන් සිදු කරනු ලබයි.එය භූගෝල විද්‍යාත්මක පද්ධතිය තුළ දී ආදාළ සිතියම් විද්‍යාත්දක ලක්ෂණයන් තිත්(පොයින්ට්), රේඛා(ලයින්), බහු අශ්‍ර (පොලිගන්) යන ස්තර(ලේයර්ස්) මගින් සිදු කරනු ලබයි
උදාහරණ පහත පරිදි දැක්විය හැක.

යමි කිසි ස්ථානයක් පෙන්නුම් කිරිම සදහා තිත් ලක්ෂණ යොදා ගනු ලබයි. උදාහරණ ලෙස නගර, කර්මාන්තශාලා, ළිං යනාදිය නිරූපණය කළ හැක.රේඛා මගින් පාරවල්, දිය ඇලි ආදි දෑ පෙන්නුම් කරනු ලබයි.ප්‍රදේශයන් බහු අශ්‍ර මගින් ‍නිරූපණය කරනු ලබයි.

9 comments:

  1. අගෙයි.. උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  2. සැබවින්ම ප්‍රශංසනීය මෙහෙවරක්.

    ReplyDelete
  3. මට gis,gps,remote sensing ආදිය ගැන වැඩි දුර විස්තර දැනගන්න පුලුවන්ද ...

    ReplyDelete
  4. ඉතා සතුටුයි.ලබන සතියේ සිට මා ලිපි යොමු කරන්නම්. සිංහල බසින් මෙම බ්ලොග් එක හා මාගේ ඉංග්‍රීසි බසින් ලියවෙන බ්ලොග් එක පරිශීලනය කරන්න.

    ReplyDelete
  5. ප්‍රශංසනීයයි. GIS,GPS, ගැන තව විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩන් හොඳයි

    ReplyDelete
  6. GIS භාවිතයේ ඇති වාසි ගැන ,GIS කියන්නේ මොකක්ද කියන එක උදාහරණ එක්ක දැන ගන්න පුළුවන්ද😍😍😍😍
    😍😍😍😍

    ReplyDelete
  7. GIS ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට භාවිතා කර ඇති නිදසුන් ටිකක් දැන ගන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මටත් ශ්රීලංකාවේ නාගරික සංවර්ධනය සදහා GIS භාවිතය ගැන තොරතුරු තිබේනම් දෙන්න

      Delete
  8. Sld 99 ගැන ටිකක් දැන ගන්න පුලුවන් ද

    ReplyDelete