Monday, October 8, 2012

ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය (GPS- Global Positioning System) යනු කුමක් ද ?

අද ලොව තාක්ෂණික  දියුණුවත් සමග GPS ( Global Positioning System )තාක්ෂණය භාවිතා කරමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ විවිධ කාර්යයන් සිදු කෙරේ. මෙම තාක්ෂණය මුලින්ම වැඩි දියුණු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව යි. මුල් කාලයේ ආරක්ෂක කටයුතු වලට භාවිතා වුව ද පසුව එය පොදු කාර්යයන් වලට භාවිතා වීමක් දක්නට ලැබේ. මෙම තාක්ෂණ භාවිතයේ ප්‍රධාන අරමුණු වන්නේ පෘථිවි ගෝලයේ ස්ථානීය අගයන් වන අක්ෂාංශ, දේශාංශ හා උන්නතාංශය ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් ලබා ගැනීම ට හා ඉතා නිරවද්‍ය ලෙස ගෝලීය වශයෙන් වෙලාව ගණණය කර ගැනීම සදහා ය. මෙම තාක්ෂණය භූමියේ ස්ථාන හා චන්ද්‍රිකා උපකරණ සම්බන්ධව පවතී.

චන්ද්‍රිකා පෘථිවිය වටා කක්ෂ ගතව ඇති අයුරු
 
GPS තාක්ෂණය හරහා අක්ෂාංශ, දේශාංශ සහ උන්නතාංශය යන දත්තයන් ලබා ගැනීම සිදු කරන අතර මෙහිදි දත්ත කාණ්ඩ 03 ක් අවශ්‍යය බැවින් දත්ත ලබා ගන්නා ස්ථානයේ අවකාශය ආවරණය වන පරිදි චන්ද්‍රිකා 03කට වැඩි ප්‍රමාණයක් පැවතිය යුතු ය. දැනට පෘථිවි කක්ෂය වටා චන්ද්‍රිකා 27 ක් ස්ථාන කොට ඇත.  GPSමගින් විශේෂිත වු සංඥා නිකුත් කරන අතර GPS ලබාන්නා එමගින් ස්ථානය, ප්‍රවේගය හා කාලය ගණනය කරනු ලබ යි. GPS උපකරණය මාලිමාවකට සමාන වේ. මක්නිසා ද යත් කලින් සිටි ස්ථානයන්ට අපව මෙහෙය වීමේ ඇති හැකියාව නිසා ය. GPS පද්ධතියට චන්ද්‍රිකා සමූහය, ගණනය කරනු ලබන මධ්‍යස්ථාන හා ග්‍රාහකයන් ඇතුලත් වේ.
 
GPS භාවිතය ගැන සලකා බැලීමේ දී ස්ථානයන්හි පිහිටිම තීරණය කර ගැනීමට, හදුනාගත් එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරීමට යොදා ගැනීමටත්, මිනිසුන්ගේ සහ වස්තූන්ගේ චලනයන් මන්තූ කිරීම සඳහා ත් ස්ථාන, වස්තූන් හා භූමිය යොදා ගනිමින් සිතියම් නිර්මාණයට ත් GPS යොදා ගැනේ. මාළු වෙළෙන්දන්, මුහුදු යාත්‍රාකරුවන්, ආරක්ෂක අංශය, මිනුම් කටයුතු මෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා ද GPS තාකෂණය යොදා ගැනේ. GPS මඟින් ලබා ගන්නා දත්තයන් යම් විටෙක සියයට සියයක්ම නිරවද්‍ය නොවේ. යම් යම් වායුගෝලීය තත්වයන් (උදා- ජල වාෂ්ප ප්‍රමාණයන්, වලාකුළු සහ කාළගුණික විපර්යාසයන් ), සංඥා ලබා ගන්නා ආකාරය, චන්ද්‍රිකාවන්ගේ පිහිටිම යන දෑ දත්තයන්ගේ නිරවද්‍යතාවයට බලපෑ හැකිය. වර්තමානය වන විට ඉහළ තාක්ෂණයෙන් යුත් GPS බොහෝ ක්ෂේත්‍රයන් පාදක කරගෙන නිර්මාණය විමත් සමඟ ම මෙම තාක්ෂණය භාවිතය ඉහළ යමින් පවතී.

No comments:

Post a Comment