Saturday, August 7, 2010

ලෝක ආහාර හිඟය ළඟදීම....



ලෝකයේ රටවල් කිහිපයක් ම කාන්තාර බවට පත්වීමේ ප්‍රවණතාවයකට භාජනය වී ඇති බව පිළිගෙන තිබේ.යමි ප්‍රදේශයක අසීමිතව සිදුවන මිනිස් ක්‍රියාකාරකමි හෝ වෙනත් බලපෑමි නිසා පරිසරයේ සමතුලිකකාවය බිඳවැටිම ,පාංශූ ඛාදනය,ජලාශවල රොන් මඩ තැන්පත්වීම,ස්වභාවික වන වැස්මේ ජෛව විවිධත්වය වැනසීම,ඉඩමිවල නිෂ්පාදන හැකියාව බිඳ වැටීම,ජල හිඟය,දේශගුණය කර්කෂ විම ආදිය කාන්තාරීකරණය ක්‍රියාවලියේ මුලික ලක්‍ෂණ වේ.


ලෝකයේ රටවල් ගණනාවක පිහිටි සමහර ප්‍රදේශ කාන්තාරකරණයට පරිවර්තනය විමේ ලක්‍ෂණ පහළ වී ඇති බැවින් 1990-1991දක්වා කාලසීමාව තුළ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් පර්යේෂණ ගණනාවක් සිදුකරන ලදී.ඒ අනුව 1991 අප්‍රේල් මස 25-27 දක්වා මේ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් බ්‍රසීලයේ දී පවත්වන ලදී. මෙහි දී කාන්තාරීකරණය මැඩලීමෙි සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

කාන්තාරකරණය මැඩීම සඳහා නොපමාව පියවර නොගත‍හොත් ඉදිරි දශක 2-3 තුළ දී ලෝකයේ ආහාර හිඟයක් ඇති වීම නොවැළක්විය හැකි බවට අනාවැකි පළ කර ඇත.
තව ද කෘෂිකාර්මික බෝග නිෂ්පාදනවල අස්වැන්න පහත වැටීම,වනාන්තර ඇතුළු බහු වාර්ෂික ශාක වැස්ම අඩුවීම,භූගත හා භූතල ජල සමිපත් ක්‍ෂය විම,වගා කිරිමට සුදුසු ඉඩම් පරිහරණයට ලක් වී වගා කළ නොහැකි ඉඩම් බවට පත්විම කාන්කාරිකරණය ඇති විමට හේතුවන දෘශ්‍යමාන ලක්‍ෂණ ලෙස දැක්විය හැක.
මිනිසා විසින් ස්වාභාවික රැදවුම් ධාරිතාවට වැඩි ධාරිතාවකින් සම්පත් පරි‍භෝජනය,නියඟයන්,දැඩි පාරිසරික විපර්යාස,ජනගහනය අධික විම,සමිපත් කෙරෙහි අසීමිත ඉල්ලුම ආදී ලක්‍ෂණ හේතු කොට ගෙන අද ලොව කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.
එක්සත් ජාතින්ගේ කාන්තාරීකරණය පිටු දැකී‍‍මේ වැඩ සටහන මඟින් කරන ලද අධ්‍යයනයන් අනුව පහත සඳහන් තොරතුරු හෙළි වී ඇත.ලෝකයේ වියළි බිම් ප්‍රමාණය හෙක්ටයාර් බිලියන 6.45ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස දැක්වුව හොත් එය 43%ක් වේ.එම වාර්තාව අනුව ලෝකයේ මිනිසුන් විසින් සිදුකරන ලද බලපෑම් නිසා ඇති වු කාන්තාර ප්‍රමාණය කොතෙක් ද යත් එය හෙක්ටයාර් බිලියන 9කි.ප්‍රතිශතයක් ලෙස දැත්වුවහොත් එය 6% කි.ලෝකයේ රටවල් සියයකට ආසන්න ප්‍රමාණයක් කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.

No comments:

Post a Comment