Wednesday, October 10, 2012

ලෝක විනාශයට පෙර මං කියන උදා වන ජල ගැටුම......

2012 ලෝක විනාශය පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ විවාදාත්මක සුළු මාතෘකාවක් විය.2012දී ලෝක විනාශය සිදු නොවුනත් ලෝක විනාශයට පෙර මං සලකුණු දිනෙන් දින ලෝකය පුරා මතු වෙමින් පවතින බව නොරහසකි.උදාවන ජල අර්බුදය ද එවැනි එක් පෙර මං කියන්නකි.පෘථිවි ගෝලයෙන් සියයට 70ක් ජලයෙන් වැසී පැවතුන ද ඉන් සියයට 97ක් ම ඇත්තේ සාගර ජලය හෙවත් ලවන මිශ්‍රීත ජලය යි.ජලයෙහි ඇති ගුණාත්මක බව අනුව එය ප්‍රධාන වශයෙන් කොටස් 02කට බෙදා දැක්වේ.එනම් මිරිදිය ජලය හෙවත් පානීය ජලය හා කරදිය ජලය හෙවත් සාගර ජලය යි.
 
සැබවින්ම ජලය ඉතා වටිනා සම්පතකි.ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මිහිපිට ජීවය පැවතෙන්නේ ජල සම්පත නිසාවෙනි.නිල් ග්‍රහයා යන නාමයෙන් පෘථිවිය හදුන්වනුයේ ත් ජලය ව්‍යාප්ත වී ඇති බැවිනි.සාගර,ගංගා,ඇලදොළ,විල් හා අනෙකුත් ජල මුලාශ්‍ර වල ජලය ඉතිරී පැතිරී තිබු හෙයින් මේ ලොව කිසි දිනෙක ජල හිඟයකට මුහුණ පෑමට සිදු නොවේ යන්න එකල පිළිගැනීම විය.කෙසේ වෙතත් ලෝකය පුරා ජනසංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම නුදුරු අනාගතයේ දී පිරිසිදු ජලය ශීඝ්‍රෙයන් අඩු වීමේ තත්වයකට මුහුණ පාන්නට සිදුවන බව මෑතකාලීන විද්වතුන්ගේ මතය යි.
 
අකාර්යක්ෂම ජල පරිහරණය,ජල දුෂණය,ජල නාස්තිය සහ කාලගුණික විපර්යාසයන් සමඟ ම ඉහළ යන ජන සංඛ්‍යාවට අවශ්‍යයය ජල ඉල්ලුම සපුරාලීමට නොහැකිව පුද්ගලයින් අතර ජාතීන් අතර ප්‍රදේශ අතර පමණක් නොව රටවල් අතර දරුණු ගැටුම් ඇති වීමට ඉඩ හසර පවතිනු ඇත.මෙයට වසර 50කට ප්‍රථම පොදු මතය බවට පත් වී තිබුණේ ජලය යනු අසීමිත එනම් කිසිදා හිඟ නොවන සම්පතක් ලෙස ය.ඒ කාලය තුළ අද ජනගහනයත් සමඟ සසඳා බැලු කළ ජීවත් වූයේ වත්මන් ජනගහනයෙන් හරි අඩක් පමණි.එම ජනගහනයට සරිලන ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍යය වුයේ සුළු ජල ප්‍රමාණයකි.නමුත් අද වන විට බිලියනය දක්වා වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝක ජනගහනයට ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇත්තේ තරඟයකි.ගෝලීයකරණයත් සමඟ ජල පරිභෝජන රටාවන් ඉහළ යමින් වෙනස් වන ලෝකය කරා හැඩ ගැසෙමින් පවතී.කාර්මීකරණය,නාගරීකරණය හා කෘෂි කර්මාන්ත යන අංශ වලින් ජලය සඳහා ඇති ඉල්ලුම හා පරිභෝජනය දිනෙන් දින ඉහළ යමින් පවතී. එම නිසා ජල සංරක්ෂණ අවශ්‍යතාවය පිළිබඳ වැඩි අවධානයක් ලැබිය යුතු බව විද්වතුන්ගේ මතය යි.
 
පුද්ගලයන් වශයෙන් ජාතීන් වශයෙන් තීරණය ගත යුතු කාලය එළඹ ඇත. කෙදිනක හෝ ලෝක විනාශය වන්නේයැ යි සිතා ඇස් කන් පියාන සිටිය යුතු නැත.සීමිත ජල සම්පත සුරැකීම සඳහා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පෙළ ගැසිය යුතුම ය.
 

ශ්‍රී ලංකාවේ ජල සංරක්ෂණයේ අවශ්‍යතාවය

 
ලොව ජල ව්‍යාප්තිය පිළිබඳව විමසා බැලු කළ සමහර රටවල ජල සම්පත බහුල ලෙස පවතින අතර සමහර රටවල ජල සම්පත ඉතා හීන ලෙස පවතී.උදාහරණ ලෙස කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර කොටස, යුරෝපයේ බොහෝ ප්‍ර දේශවල ජල සම්පත බහුල ලෙස පැවතුන ද අප්‍රිකා මහද්වීපය,මැද පෙරදිග,ඔස්ට්‍රේලියාව,දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවල ජල සැපයුම දුර්වල තත්වයේ පවතී.මෙයින් මතු කර ගත යුතු එක් කරුණක් නම් ජල සම්පත මහද්වීපයෙන් මහද්වීපයට,රටින් රටකට වෙනස් වනවා සේම රටක් තුළ ද ජල ව්‍යාප්තියේ වෙනස්කම් පවතින බවයි.උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ගත හොත් අර්ධ ශූෂ්ක කලාපය,වියලි කලාපය හා තෙත් කලාපය තුළ ජල ව්‍යාප්තියේ වෙනස්කම් දැක ගත හැක.ඒ පිළිබඳව වැඩි දුරටත් විමසා බලමු.

2 comments: