මෙවර යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයන් ලෙස ස්ථාන 10ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර ශ්‍රී ලංකාවේ පිහිටි ශ්‍රි පාදය,හෝර්ටන් තැන්න සහ නකල්ස් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශ කර ඇත.මේවා ජෛව විවිධත්වය අතින් අනුන ස්වාභාවික පරිසර පද්ධතින් වේ.මෙරටට ආවේණික වු ශාක හා සත්ව විශේෂ අතර කැහිබෙල්ලා, හබන් කුකුළා වැනි පක්ෂි විශේෂ 20ක් මෙන් ම හොර, බෙරලිය, කීන, වල් දෙල්, දං, මිල්ල වැනි ශාක විශේෂ හා අලියා, ගොනා, මී මීන්නා වැනි සතුන් ද ඒ අතර දක්නට ලැබේ.
හෝර්ටන් තැන්න අතිතයේ දී මහ එළිය නමින් හදුන්වනු ලැබු අතර ජෛව විවිධත්වය අතින් අනුන සොබාදහම් මෑණියන්ගේ දායාදයකි. වර්ෂ 1837 දක්වා ආන්ඩුකාර ශ්‍රීමත් රොබට් හොර්ටන් සිහිවීමට මෙම ප්‍රදේශය 'හෝර්ටන්' ලෙස නම් කර ඇත. මෙය රක්ෂිත භුමියක් ලෙස ප්‍රකාශයට පත්වුයේ 1969 දෙසැම්බර් 05 වැනිදාය. ජාතිකඋද්‍යානයක් ලෙස 1988 මාර්තු 16 වන දින ප්‍රකාශ කරන ලදි. කීන, මහරත්මල්, බිනර වැනි ආවේණික ශාක බහුලව දැකිය හැකි අතර ගෝන්නුන්, දිවියන්, වලසුන් ආදි සතුන් ද වාසය කරයි.
නකලස්වල ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් විසි තුනෙන් තිහක්ම ජිවත් වේ. ලෝක සංරක්ෂණ සංගමය කරන අධ්‍යයනයකට අනුව කුල එකසිය හතලිස් එකකට අයත් සපුෂ්ප ශාක,ශාක විශේෂ 1033 ක් සොයා ගෙන ඇත.මින් 160ක්ම ලංකාවට ආවේණිකය.මෙය වර්ෂ 1813 ඉංග්‍රීසින් විසින් දුම්බර කදුකරයේ සිට මීටර 150 ට වඩා ඉහළ, ' වළාකුළු වනාන්තර 'ප්‍රදේශ ලෙස නම් කරන ලදි. 2000 වසරේ මැයි 05 අංක 1130/22 ගැසට් නිවේදනය මගින් සංරක්ෂිත වනාන්තරයක් ලෙසත් 2007 ජුලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය මගින් සංරක්ෂිත වනය තුළ ඇති ඉඩම් නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙස පත් කරන ලදි.
ශ්‍රී පාද අඩවිය රත්නපුර, නුවර එළිය හා කෑගල්ල දිස්ත්‍රික් තුනට අයත් වේ. මෙය 1940 වසරේ දී අභය භූමියක් බවට පත් කළ අතර 2007 වසරේ දී සංරක්ෂණය කීරීමේ අවශ්‍යතාව මත එහි හෙක්ටයාර් 12979 ක භූමි ප්‍රමාණයක් ස්වාභාව්ක රක්ෂිතයක් බවට පත් කරන ලදි. ශ්‍රී පාද පද්මය හා එහි ළගා විය හැකි මාර්ග පද්ධතිය යනාදිය ඇතුලත්ව තවත් හෙක්ටයාර් 9400 ක් අභය භූමිය ලෙසම පවති. ශ්‍රී ලංකාවේ උසින් හතරවන ස්ථානයේ ලා ගැනෙන (උස මිටර 2243) සමනල කදු මුදුන මීට අයත් වේ.